Monday, December 3, 2018

The country

බුද්ධියට නොව හදවතට සවන්දෙන මිනිසුන් සිටින මේ රටේ බුද්ධිමතුන්ට කිනම් ස්ථානයක්ද ඔවුන් ගේ හදවත්වලට දැනෙන්න කතාකලවිට ඔවුන් ඊට නතුවේ මම අසා තිබෙනවා හිට්ලර් ගේ කථා කොතරම් තේරුම් රහිත උවද මිනිසුන් එය අසා ඔල්වරසන් දුන්බව මොකද ඔහු මිනිසුන්ගේ හදවතට කථා කල අයෙක් එවිට ඔවුන් බුද්ධිය පසකලා හදවතට අනුව කටයුතු කරයි. අද විදේශ කුමන්ත්‍රණ, විජාතික බලවේග කියා මිනිසුන් රවටනවා විවිධ ආගමික දේවල් පෙන්වා ඒවායේ නාමයෙන් ක්‍රියාකරන්න කියා ඉල්ලා සිටිනවා මිනිසුන් මෙපමන මුලාවේනනෙ ඇයි ඔවුන් ට ඇත්තටම බුද්ධිය හීන වීද. රට ජාතිය ආගම ඉදිරියට දා මිනිසුන් තමන්ට අවශ්‍ය දේ ඔවුන්ගෙන් කරගන්නා අතර ඔවුන් මුලාවී ඒ සියල්ල කරණු ලබනවා. ඔවුන්ට යමක් අමතකවී හැඩයි රට යනු මිනිසුන් නොවනබව. රට බේරාගැනීමට මිනිසුන්ට කෑම ඇදීම දී කල නොහැකි බව රට සංවර්ධනය කිරීමට නමි මිනිසුන්ට ඉතා මහන්සී වැඩකලයුතු බව මක් නිසාද යත් මිනිසුන්ගේ දියුනුව රටේ දියුණුව නොවන අතර රටේ දුයුණු ව මිනිසුන්ගේ දියුණුවද නොවේ.

No comments:

Post a Comment

RIP